


Featured Opportunity
රිට් (WRIT) නිලධාරීන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම – State Mortgage & Investment Bank – අංක: 269, ගාලු පාර, කොළඹ 03.
State Mortgage & Investment Bank අංක: 269, ගාලු පාර, කොළඹ 03. Posted 15 days ago
Full Time Opened Mar 21st 2026 Closes Apr 4th 20260 views
Job Description
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB) විසින් බැංකු ණය අයකිරීම් සඳහා අදාළ නීතිමය, රිට් ආඥා (Writ) ක්‍රියාත්මක කිරීමේ කටයුතු සඳහා රිට් නිලධාරීන් (Writ Officer) ලෙස පත් කිරීමට සුදුසු සහ පළපුරුදු පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවයි.
කාර්යභාරය
- අධිකරණය විසින් නිකුත් කරන ලද රිට් ආඥා ක්‍රියාත්මක කිරීම.
- නිශ්චල හා චංචල දේපළ අත්පත් කර ගැනීම සහ ණය අයකිරීම් කටයුතු සඳහා සහය වීම.
- අධිකරණ, පොලිසිය, වෙන්දේසිකරුවන් සහ බැංකු නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය සහ ඒ පිළිබඳ වාර්තා සහ ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම.
- නීතිමය නියෝග හා අධිකරණ උපදෙස් අනුව කටයුතු කිරීම.
සුදුසුකම්
- රිට් ආඥා (Writ) ක්‍රියාත්මක කිරීම සහ නීතිමය අයකිරීම් කටයුතු පිළිබඳ පළපුරුද්ද.
- අධිකරණ ක්‍රියාවලි සහ නීති කටයුතු පිළිබඳ මනා දැනුම.
- ස්වයංව සහ කලාපීයව සංචාරය කරමින් කටයුතු කිරීමට හැකියාව.
- විශ්වාසනීයත්වය හා සන්නිවේදන හැකියාව.
- විශ්‍රාමික අධිකරණ/පොලිස්/බැංකු අයකිරීම් නිලධාරීන් හට අයදුම් කිරීම සඳහා විශේෂයෙන් ආරාධනා කෙරේ.
අයදුම් කිරීමේ ක්‍රමය
සුදුසු අයදුම්කරුවන් විසින් සම්පූර්ණ ජීව දත්ත පත්‍රිකාව (CV), අදාළ සහතික පිටපත් සහ ඥාතීන් නොවන දෙදෙනෙකුගේ විස්තර සමඟ 2026 අප්‍රේල් මස 05 වන දින හෝ ඊට පෙර පහත ලිපිනයට යොමු කරන්න.
වැඩිදුර විමසීම්: 0117722794/ 0768276312
How to Apply
Email your CV to
info@smib.lk
Subject
Application for රිට් (WRIT) නිලධාරීන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම
